Total Pageviews

Friday, 28 December 2012

8.කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර නීලමනී,

උබට ඔය කතා සේරම අහන්න වුනේ මං නිසා ...
මට මේ ජීවිතෙත් මදි උබෙන් සමාව ගන්න ...
ඒක නෙමේ ...පෝයදා පන්සල් ගිහාම කොල්ල හම්බුනා අපිට...
වෙලේගෙදර අක්ක එක්ක පන්සල් ඇවිත් ...!!!
"පන්සල් ආවද" මං වෙලේ ගෙදර අක්ක එක්ක කතාවට මුලපිරුවා ...
"හ්ම් " ....ඉන් එහාට වචනයක්වත්නැහැ ...!!!
සුලෝචනා ...කොල්ලගේ අතින් අල්ලන් පන්සල පුරා ඇවිද්ද ...
තොරතෝංචියක් නැතුව කතා කරකර ....
බෝධි පුජාව පටන් ගන්න ඔන්න මෙන්න කියල
අපි ගිහින් බෝමලුවේ ඉදගත්තා ....
පිටිපස්සේ හිටිය කට හැකර කොල්ලෙක් කියපි
" දෙමළ කොල්ලත් ඇවිත් බණ අහන්න ..."
මං ඉක්මනින් ගනේෂ්ව මගේ ඔඩොක්කුවේ තියාගත්තා ....
ඌ මගේ ඇස් දෙකට එබිලා හිනාවුනා හරි සතුටින් ...
එත් එක්කම ...මුළු ලෝකෙම බොඳ වුනා මොහොතකට ...
ඒක නෙමේ ...එන පෝයට අපි කොල්ලව අපේ ගෙදර එක්කන් එන්නද ...
සුලෝචනා අහන්න කිව්වේ...
මේ ,
සන්තිය

Sunday, 28 October 2012

7.කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර සන්තිය,

සමහර මිනිස්සුන්ගේ වැඩ විගරහ කරන්න අමාරුයි ....
උන් ඉපදිලා ඉන්නේ අනුන්ට පව් දෙන්න .. !!
උබ දන්නවනේ සෙල්ලදොරේ කඩේ මුදලාලි ...
මීට මාස හත අටකට කලින් ...
මං දවාලක කඩේට ගිහාම කව්රුවත් වටපිටක හිටියේ නැහැ
බඩු දෙන ගමන් මුදලාලි...මගේ අත මිරිකුවා...
මං බඩු ටිකත් විසිකරලා හොදවයින් දෙකක් කියලයි ආවේ..
යන්න ඇරලා මුදලාලි කියනවා ....
"සිංහලයෝ හොදයි ..අපි තමා නරක..."
සෙල්ලදොරේ මුදලාලි අපේ අප්පටත් වඩා වයසයි ....
මට තාම තරහයි....ඒත් මං කාඑක්කවත් කියන්න ගියේ නැහැ ..
අයෙමත් ගමේ ගිනි අව්ලන්න බැරි නිසා ...!!!
මේ මිනිස්සුන්ගේ මනුස්සකම් කොහේ හැංගිලා ගිහින්ද කියල හිතා ගන්න බැ...

මේ,
නීලමනී ..

6.කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර නීලමනී,

කොල්ලව "මායිමේ ඉස්කෝලෙට" දාන්න යනවා අහල මට හරි සතුටුයි...
මට උබට කියන්නත් හිතුනා ..
ඒත් මං කොහොමද කටක් ඇරලා උබට උපදෙස් දෙන්නේ....
මායිමේ ඉස්කෝලෙට ගිය උබට, මට සෙල්වට ,වෙලේගෙදර අක්කට ,
එක බත් පත බෙදන් කාපු කොයි කාටත් ..
ජාති වාදයක් නැහැ ...
අපි හැමෝම එකවගේ ...!
කොල්ලත් ඒ විදිහට හැදෙනවට මං ආසයි...!
සුලෝචනා හිත අමාරුවෙන් ඉන්නේ දරුවෙක් වදන්න බැරි එක ගැන ...!
ලඟදී දවසක අල්ලපු ගෙදර තිබුන කිරිඅම්මා දානෙට ..
සුලොචනාට නොකීවේ ...
" වඳ ගැහැනියක් නිසා "කියල මහා ලිඳ ළඟ කතා වෙලා ..
ඒක ඇවිත් කනේ තියන්නත් මොලයක් නැති උන් ඉන්නවනේ...
අනේ මන්ද ...
මේක පුදුම ලෝකයක්...!!
ජිවිතේ හරි පුදුමයි නීලමනී ....
දරුවෙක් හැදුවට උබට ගෙතුව කතායි...
දරුවෙක් හදන්න බැරි සුලෝචනාට ගෙතෙන කතායි ...
අතරේ ලොකු වෙනසක් නැහැ ....
අනුන්ගේ ගතු කියන උන්ගේ දිව ඕන පැත්තකට නැවෙනවා...

මේ,
සන්තිය.....

Wednesday, 25 July 2012

5.කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර සන්තිය,

උබ හරි ..ඉස්සර හිටිය අහිංසක නීලමනී

පෑල දොරින් පැනගියේ ...
මට ගනේෂ් හබ්බෙන්න ඉද්දි ...
රට්ටුන්ගේ කතා හිනා අතරේ

මං දෙපයින් නැගී උන්නේ

ඒ අහිංසකකම පාගගෙන ....
උබට කියන්න ඒ දවස් හරි කටුකයි ...
ඒත් කාලයත් එක්ක මං අවබෝද කරගත්තේ එක දෙයයි...
අපි හොඳට හිටියත්..නරකට හිටියත් ...
බොහොමයක් මිනිස්සු වැඩියක් දකින්නේ හොඳ නෙමේ නරක...

ඒ නිසා උන්ට වග උත්තර බැන්ද කියල තේරුමක් නෑ...
උන්ටත් වැඩක් නැති වෙලාවට කරන්න දෙයක් එපාය නේ ... !!!
ඉතින් අප්පා ගෙනා සුට් ඇදන් ..සපත්තු දාගෙන ...
ගනේෂ් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනවා...!!!
මං ගනේෂ්ව "මායිමේ ඉස්කෝලෙට" දාන්න හිතුවා...
උබ මොකද හිතන්නේ...ඒ ගැන ...
සුලෝචනා හොඳ එකී ...
ලිද ළඟ ඉදන් මගේ අත අල්ලන් ..
ඒකී ගොඩක් වෙලා කතා කළා ජිවිතේ ගැන ...
හරියට කලකිරීමකින් වගේ...
දරුවෙක් හදන්න බැරි එකත් හේතුවක් වෙන්නැති....

ඒ ගැන මතක් කර කර  හිත රිද්දන්න එහෙම එපා ඔන්න ...
මේ ,

නීලමනී...


















Tuesday, 24 July 2012

4.කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර නීලමනී,

අව්රුද්දට උබලගේ දිහා ආව සුලෝචනා ගෙදර ඇවිත්
තොරතෝංචියක් නැතුව විස්තර කියවනවා ...
මට ඇහුන ඒකී අම්මත් එක්ක කියනවා
"නීලමනී දෙමළ උනාට හරි හොදයි "
මම මුවින් නොබැන හිටියේ ...
කියල තේරුමක් නැති නිසා ...
මිනිසුන් හොඳ හෝ නරක වෙන්නේ සිංහලවත් දෙමළනිසාවත් නෙමේ ...
ඒටික තාම සමහරුන්ට තේරෙන්නැහැ ...
ඉතින් ඒක නෙමේ ...
බොහොම පින්
 උබ ඉස්සර වගේම හිනා වෙලා අපිට සැලෙකුවට...

උබේ තියන ඒ මනුස්සකමටයි 
මං කවදත් උබට ආදරේ කලේ...!!
ඉස්සරවගේම ..කොන්ඩේ මැදින් දෙකට බෙදල මල් ගහල පොට්ටුවක් තියන් හිටියට ...
උබ වෙනස් වෙලා ...උබ ඉස්සර හිටිය අහිංසක නීලමනී නෙමේ දැන් ...
එහෙමයි මට හිතුනේ... !!!
 ඒත් මටවාවන්න බැරි උනේ

උබේ අම්මගෙයි  අප්පාගේයි  වෙනස ...!!

කොල්ලා මං වගේමයි නේ ...!!
මට හරි දුකයි ...උබ වෙනුවෙන් ..ඌ වෙනුවෙන් ..
මට මෙතුවක් කාලෙකට ඉන්න බැරි උන එක ගැන ...
උබට අගහිගකම් තියේනම් මට කියහන්...
ඒ මගෙන් වියයුතු යුතුකම් ....!!

නීලමනී ...
අපි ප්‍රාරථනා කරමු එන ආත්මෙදිවත් ...
එකට ඉපදිලා අපේ  බිඳී ගිය සිහින ගොඩනගන්න ..
සිංහල දෙමළ කොයිකත් මට එකයි ...
 ඒත් ඒත් අපි එක ජාතියක ඉපදෙමු ...
එතකොට ප්‍රශ්නයක්  නැතිවේවි කාටත් ..!!
මේ ,

සන්තිය.





Monday, 23 July 2012

3. කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු....

දයාබර සන්තිය ,

අව්රුදු පහකට පස්සේ ..
උබේ අකුරින් ලියවුන ලියුමක් දැකල ...
ඉස්සර වගේම ...
මගේ හිත නොවිසිලිමත්වුනා මොහොතකට!!!

මං ලහි ලහියේ ...
මුල ඉදන් අගට ..දෙතුන් පාරක් කියෙව්වේ හරි අසාවෙන් ...!!
මං දන්නවා උබට කටක් ඇරලා ..
මගෙන් සමාවඉල්ලන්න බැරි බව ..!!
ඒ වගේමයි හිතේ කහටක් නැතුව ...
මට උබට සමාව දෙන්නත් බෑ...!
අපි ඒක ..කාලයට ..භාරදෙමු ...!!
උබයි මායි අවසානෙට හමුවුණු දා...
උබ මගෙන් වෙන්වෙලා යන්න ආදා ...
අපි අතින් වුනු වැරැද්දට ...
මං උබට දොස් කියන්නෑ....!!!
සමහර විට ඒ ..මගේම වැරැද්ද වෙන්නැති ...!!
හය හතර තේරෙන කාලේ ඉදන් ...
ආදරය කළ උබ වෙන්වෙලා යද්දී ...
ආදරේ සීමා මායිම් නොතැකුවේ ...
ඒ අපිට එක්වෙන්න තිබුන
අවසාන තුරුම්පුව වෙන්නැති කියල
අපි හිතන්නැති .....
දැන් මට හිතෙන්නේ එහෙමයි ...!!!
ඒත් ඒත් ...මට දරුවෙක් ලැබෙන්න ඉන්න බව ...
දැනගත්තේ ...
උබ කසාද බැඳලා සතියකට විතර පස්සේ...!!
අම්මයි අප්පයි ...උබේ ගෙදර එන්න හදද්දී ..
මං බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ ...
මොනා උනත් ...උබේ මනමාලිත් ...
මං වගේම දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවනේ මනමාලියක් වෙන්න ඇත්තේ... !!
එහෙව් එකේ ....
ඒ බලාපොරොත්තු කඩා ඉහිරවලා ...
අපි කොහොමද සන්තිය සතුටින් ඉන්නේ ....
මං හිතුවේ එහෙමයි .... ඒකයි දරුවා ගැන මං උබට නොකීවේ ...!!
උබ අව්රුද්දට අපේ ගෙදර එන්න අහපුහම ...
මට එක පාරට හිතුනේ එපා කියන්න ..!!!
උබේ අතේ වෙන එකියක් එල්ලිලා එනවා දැක්කම ...
මට දුකහිතෙවී...!!!
ඒත් ආයේමත් හිතද්දී හිතද්දී ...
මං හිතුවා උබට එන්න කියන්න ...

අතීතය අස්සේ ..
හැබෑ නොවන හීන අස්සේ ...
හිරවෙලා ජිවත් වෙනවට වඩාහොඳයි
කටුක උනත් .. යථාර්තයට මුණ දෙන එක ...!!
ඉතින් එහෙනම් ..සුලෝචනා එක්ක ...
එන්න අපේ දිහා ..ඉස්සර වගේම අව්රුද්දට ..!!
උබේ අම්මා මොකවත් නොකියාවී....
දෙමළ ගෙයකින් අවුරුදු කෑවට...
මොකෝ උබ සිංහල ගෙයකින් පවුල්  කෑවනේ !!!
මේ
නීලමනී....

Monday, 16 July 2012

2. කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු ...

දයාබර නීලමනී,


පත්තරේ "නිර්මාණ තීරුවේ " තිබුන උබේ ලියුම දැකල ...
මට උබට ආයෙම ලියන්න හිතුනා....
මෙච්චර කාලෙකට  මම නොලිය  හිටියේ ..
උබව අමතක වෙලා එහෙම නෙමේ ....
ඒත් මං කොහොමෙයි උබට ලියලා අයෙමත් උබේ හිත පාරවන්නේ...!!!
මං දන්නවා ...මේ ජිවිත කාලෙමත් මදී  වේවි මට උබෙන් සමාව ඉල්ලන්න...!!!
ඒත් උබ  දන්නවනේ අපේ අම්මා මං උබ එක්ක යාවි කියල මැරෙන්න ගිය හැටි ගැන..
මං කොහොමෙයි නීලමනී වැදු අම්මා මැරෙන්න යන්න දීලා අහක බලන්නේ... !!!
ඒත් ..ඒත් ....උබට දරුවෙක් ලැබෙන්න ඉන්න බව මට දැන්නුවනම්...
සමහරවිට අපේ ජිවිත වෙනස් වෙන්න තිබුනා!!
අම්මගේ කැමැත්තට කැන්දන් ආව ඒකිගේ නම සුලෝචනා....!!
ඒකි උබ ගැන විස්තර සේරෝම දන්නවා..
උබට ඇත්තම කියන්න මගේ හිතේ වෙන කෙනෙකුට ආදරය කරන්න  ඉඩක්  නැහැ ..!!
ඒ සුලොචනාගේ  ඇති වැරැද්දකට නෙමේ ....
ඒකි හොද එකී...
ඒත් මගේ හිතේ සුලොචනාට තියෙන්නේ 
බිරිදකට තියෙන්න ඕන ගෞරවය විතරයි ...
ජිවිතේ හරිම අප්‍රාණිකයි ....ඔහේ ගෙවිල යනවා ...
ආදරයක් නැති විවාහයක් ඇතුලේ හිරවෙච්චි මං 
සමහර වෙලාවට උබටත් වඩා අසරණයි ....!!!
ඒත් ඒක කාටවත් තේරෙන්නැහැ...!!
පවු !!!උබයි මායි විතරක් නෙමේ ...
සුලෝචනයි...ගනේශුත්..අපේ පව්වල කොටස් කාරයෝ වෙලා..!!!
ඒක නෙමේ අපි එන්නද අවුරුද්දට උබලගේ ගෙදර ...
ඒත් උබේ හිත රිදෙනවනම් නෑවිත් ඉන්නම් ...!!!

මේ ,
සන්තිය 
(ප .ලි .කාවින්ද නම් නෙමේ ...)

Sunday, 15 July 2012

1. කොටස "සිංහල දෙමළ" මායිම් සලකුණු

දයාබර කාවින්ද,

මට තාම මතකයි ඒ දවස් ..
ඒ දවස් වල මං හීන මැව්වේ ...
ලස්සන මනමාලියක් වෙලා ...
අපේම කැදැල්ලක් හදන දා ගැන ....!!!
ඒත් ඒ සිහින සේරෝම බිද වැටුනේ ...
උබ ...උබේ මාලිගාවට ....
වෙන එකියෙක් කැන්දන් ආව දා ....
"වෙළේ ගෙදර අක්කත් " එක්ක ...
තල් වැටේ මායිමේ ඉදන් ...
මං බලන් හිටියා....
ලස්සනට සරසපු ..
උබේ මගුල් පෙරහැර දිහා....!!!
ඇත්තමයි ...!!!
උබ දන්නේ නැති වුනාට ..මං ඇඩුවා.. පොළොවේ හැපී හැපී ...!!!
අම්මයි අප්පයි .....අහස දිහා බල බල ...
උබට සාප කරද්දී ....
මං උබට විරුද්දව වචනයක්වත් නොකීවේ ...
උබට සමාව දුන්නු නිසා නෙවේ...
ඒත්.... ඒත් ...
උබට මහා හුගක් ආදරේ කරපු මට ...
අයෙමත් වෛර    කරන්න බැරි නිසා.....!!!
රට්ටු හොදටම හිනාවුනා ...
"සිංහලයෝ පස්සේ ගියාට හොද පාඩම" කිය කිය ...
ඒත් මං ඉවසුවා ...!!!
උබට දාව උපන්න ...කොල්ලගේ නම " ගනේෂ්"...
උගේ උප්පැන්නේ ..."පියාගේ නම " හිස්තැනක් වුනාට ...
උබයි මායි විතරක් නෙමේ ...
රටේ උනුත් දන්නවා ...
උගේ අප්පා උබ බව ...!!!
යම්දාක ඌත් උබට වෛර  කරවී ....!!!
ඒත් මං ඌට කියල දෙන්නම් ...
උගේ අප්පට වරිගෙට ...විරුද්ද වෙන්න බැරි වුන හැටි ගැන ...
එදාට ඌටත් තේරේවි ...
තල් වැටේ දෙපැත්තේ ඉදන්
"සිංහල දෙමළ මායිම් සලකුණු ...
මකලා දාන්න ...
අපි දරපු වෑයම.....!!!
මේ,

නීලමනී .....

Saturday, 7 July 2012

විශ්වාසය

බැලු බැල්මට ..
විශ්වාසය කියන්නේ ..
අකුරු පහකින් හැදුන...
පුංචිම පුංචි වචනයක්...!!!
ඒත් .. ඒත් .. එකේ තේරුම ...
මහාලොකු ..වචන දාහකින්වතත්
තේරුම් ක‍රන්න අමාරුයි..!
විශ්වාසය කියන්නේ....
යමෙකුට තවෙකෙකුට ..දෙන්න පුළුවන් ..
උපරිම උපහාරය වගේ...කියලයි ..වෙලාවකට ..
මට හිතෙන්නේ ...!!!
පුංචි පැලයක් ..රූස්ස ගහක් බවට පත්වෙනවා වගේ...
කාලයත් එක්කයි විශ්වාසය ..
ටිකෙන් ටික ..ගොඩනැගෙන්නේ ...!!!
ඒත් ඒ ..
අමාරුවෙන් ගොඩනගාගත්ත ...
විශ්වාසය ...කඩකරන්න ...
එක මොහොතක් ඇති ...!!!
බිදුන විශ්වාසය ගොඩ නගන්න ...
අපි කාටවත් බැ....
ඒක ..හරියට ..
පරවෙලා ගිය මලක් වගේ....!!
පරවුණු මලක් විකසිත කරවන්න අපි කාටත් බැනේ ....!

සැතපෙන්නේ කෝම නුබ ..ආදරේ හිත නැතුව.....!!!

වීදියේ කොනක ඉද..
අත වනන සුන්දරී ..!!
මාවතේ පියනගන ...
නිසචාරයන් එක්ක ...
සැතපෙන්නේ කෝම නුබ ..
ආදරේ හිත නැතුව.....!!!
උදාහිරු නගින විට ...
නුබ තුරුලේ ඉන්න උන් ...
ලහි ලහියේ හැර යද්දී ...
බලා ඉන්නේ කෝම නුබ ..
නෙතේ කඳුලක් නැතුව...!!!
යනෙන මගතොට පුරා..
රට්ටු කියනා කතා..
ඉවසන්නේ ..කෝම නුබ ..
හිතේ කහටක් නැතුව...!!
නුබ මගට ඇද දැමු ..
නොමිනිසුන් ගැන කතා...
මන්ද නොකියන්නේ නුබ ..
හඩනගා ලෝකයට ....!!!