යාල් දේවි..දුම්රිය ..
කොටුවේ ඉස්ටෙසමෙන් ...ටිකෙන් ටික ඉස්සරහට ..ඇදෙන්න ගත්තා...!!!
මං ජනේලයෙන් එලිය බලන් හිටියේ ..
හිත පිරිච්චි සතුටකින්...!!
එතකොටම මතක් වුනේ ...
එදත් මේ වගේම ..
සාවිත්‍රි මායි...කසාද බැදල
ඉස්සෝරම පාරට ..
සාවිත්‍රි මායි...කසාද බැදල
ඉස්සෝරම පාරට ..
නෑදෑයෝ බලන්න පිටත් වුනුහැටි....!!!
අපි කොච්චරනම් සතුටින්ද හිටියේ එදා
ඒ එක්දහස් නමසිය අසු පහේ මාර්තු පස් වෙනිදා ...
කොහොමෙයි කියල අමතක කරන්නද ???
මාන්කුලම පහුවුනා විතරයි ...
"ගනේෂ් මට හරි බඩගිනි "...!!!
මගේ ඇස් දෙකට එබිලා සාවිත්‍රි එහෙම කිව්වහම...
කොළබ ඉදන් ඇගිළිකරු අස්සේ හිරකරන් හිටිය ...
මං ගියේ ..රේල්ලුවේ ..කැන්ටිමට ..!!!
ඒත් ඒත් එතකොටම ..ඇහුන මහා සද්දෙට..
මං ආපහු හැරුනෙ..
මහ හයියෙන් ..කෑගහගන ....!!!
ඒත් ඒ...ගිනිබත් වුනු ...කොච්චිපෙට්ටියේ ...
මං කොහේ කියලා එයාව හොයන්නද ???
ගෙවුන ...විසි පස් වසරක් පුරා ...
රැයක් රැයක් ..ගානේ...
මං සාප කලා...
සාවිත්‍රි මට නැතිකළ ... උන්ට ....!!
ඒත් ඒත් ...අද මගේ හිත නිදහස් ...
ඒ ..සවිත්රියි..මායි ..වගේ ...
අහිංසක උන්ට ...
ජිවත් වෙන්න අයිතිය ...
ආයේමත්...හම්බෙලා.....!!!

හැඩයි නංගි, නිසදැස බොහොම හැඩයි
ReplyDelete