වෙනදා ඉස්කෝලේ ඇරෙන වෙලාවට ....
ගේට්ටුව ගාව බලන් ඉන්නවා වගේ...
පිරිවෙනේ ගේට්ටුව ගාව මං බලන් හිටියා..!!!
ශාන්තව එක පෙලට ...අඩිතියන ...
පුංචි හාමුදුරුවෝ අතරේ...
මගේ පුතත් ඉන්නවා...!!!
ඒත් ඉස්සර වගේ ....
"අම්මි " කියාගෙන ...
පුතා දුවන් අවේ නැහැ....
හිමි හිමි හිට ....
අඩි තියල ...
මං ගාවට ආව..පුතාගේ...
මුනේ ... තිබුන ...
ශාන්ත බව දැකලා...
මගේ ඇස් දෙක ටිකෙන් ටික බොදවුණා ...
"අම්මිට ...පිස්සුද ...අඩන්න"...
වෙනදා වගේ ...හිනා වෙලා ...
පුතා එහෙම අහද්දී ...
මට ආසා හිතුනා...
ළගට අරන් .. තුරුළු කර ගන්න...
ඒත් ඒත් ....ඒඅයිතිය ...
මට දැන් නැනේ ... හිතද්දී ...
හිතට මහා දුකක් ආවා...!!!
එදා ..රාහුල මහන වුනාම ...
යශෝදරාටත් ... මෙහෙම දුක හිතෙන්නැති ...

අත්තටම මේ විදිහට දුක හිතෙන්න අති... මන්ද, ඇයත් මව් පදවිය ලැබු ගැහැනියක් නිසා....
ReplyDelete