Total Pageviews

Wednesday, 4 July 2012

අනේ අම්මේ අපිට රට සල්ලිත් එපා ....

කටු මැටි  පැල්පත ....
ගඩොලින් බැඳගන්න ....
ගොම ගාපු බිමට සිමෙන්ති ටිකක් දාන්න...
රට කාසි හොයන්න...
අපිව දාලා...මැද පෙරදිග ගිය ....
අපේ අම්මා ...
අවුරුදු දෙකකින් ලංකාවට ආවේ 
ඔසරිය වෙනුවට දිග කලිසමක් ඇදගෙන...,
මුණ පින්තාරු කරගෙන ....!!!
ආ දා ඉදල ...ෆෝන්  එක කනේ තියන් ...
කතා කරන්නේ ...පහු යන එක ගැන ...
අම්මා නැතුව එහෙ බේබිට පාලුයි ලු .....!!!!
එතකොට අපිට ....!!!!!!
අනේ අම්මේ අපිට රට සල්ලිත් එපා ....
සැප සම්පතුත් එපා ....
අම්මා හිටියම ඇති ...!!!
අර ඉස්සර වගේ ...
තියන හැටියකට කාලා
බිම පැදුරු එලන් ....
අපි ඒකට ගුලි වෙලා ඉමු....!!!

No comments:

Post a Comment