Total Pageviews

Wednesday, 4 July 2012

නිවන් ගොස් නෑ... තාම අපි කවුරුත්ම ....!!!!.

බෝමළුවේ ...රටා ..ඇදී                                                        
වැලි මතින් ඇවිද ගිය...
ලියතබරාව ඇය....
හිතට එබිකම් කෙරුව ....!!!
චීවරේ දැවටිලා ...
නිවන් මග හොයන්නට ...
බවුන් වැඩියත් මෙමා....
තුරුණු සිත හොයනවා....
ආදරේ ..ඉදහිටක...!!!!
තෙල් මල් පහන් ගෙන ...
පන්සලට ආ ....
උපාසක අම්මලා....
බුදුගේ  රැස්වෙලා දොඩන්නේ ...
නිවන් බුදුබණ නොව...
"පොඩි සාදුගේ  පෙම "
මිනිසුනේ ...මොහොතක හිතාපන් ,
ඝන සියුරේ ...දැවටුන ..
තුරුණු හිත මෙලෙක් බව.....!!!
නිවන් යන්නට පෙරුම් පිරුවත් ...
නිවන් ගොස් නෑ...
තාම අපි කවුරුත්ම ....!!!!.

1 comment: