Total Pageviews

Wednesday, 4 July 2012

තාත්ති දැන් තරහ වෙලාද....


අරාබිකරයේ ....
ගොඩනැගිලි ..අස්සේ  ..හිරවෙලා ...
කාසි පනම් ....හොයන්න .. වෙහෙසුනට .....
හිත නිතර ..නිතර ...දුවන්නේ...
 මහා ගෙදරට .....!!
අලුතින්  ඉපදිච්ච ...කොලු පැටිය....
දැහින් ..දැක ගන්න ...
පුංචි උන්ට තුරුළු වෙලා ....
හරි හරියට ...
නිදාගන්න ....
ආසා නැතුව නෙමේ....!
ලගදි  දවසක .... 
පොඩි එකා අහනවා ....
" තාත්ති දැන් තරහ වෙලාද....
මල්ලි බලන්න ගෙදර එන්නේ නැත්තේ" කියල ....
එහෙම වෙලාවට ....
සේරම දමල ගහල ...
ලංකාවට ....යන්න හිතෙනවා....!!!
එහෙම නැත්නම් ...
හය හතර නොතේරෙන ....
පුංචි ඒකාට...
මං කොහොමෙයි .....           
තේරුම් කරන්නේ....
උන්ට සැප දෙන්නයි ...
මං අරාබි කරයේ ඉන්නේ කියලා....!!! 

No comments:

Post a Comment