ඒ බැරිකම එයාලාට තේරෙන් නෑනේ ..!!!
"වෙඩින් කාඩ්"එක අතේ තියන් ...හාන්සි පුටුවේ දිග ඇදිල ...
මං දස අතේ කල්පනා කළේ..
මොකද කරන්නේ කියලා....
"වයිෆ්වත් එක්කන් එන්න සර් "
නිර්මලා කාඩ් එක දෙන ගමන් විශේෂයෙන්ම කිව්වා...
"ඔව් ඔව් අනිවාර්යෙන්ම" ගුණපාල මහත්තයත් ඒක අනුමත කරා.!!!
මං එක හිතින් සුබ පැතුවා සුබ අනාගතයකට ....!!!
"කොලබ හිල්ටන් හොටෙලේ මගුලකට
ඇදන් යන්න පුළුවන් ඇදුමත්වත් නැනේ ..
ඔයා විතරක් යන්න ..."
සිතුමිණි එහෙම කිව්වට ඒකිත් ආසා ඇති යන්න..!!!
ඒත් සාරියක් විතරමක් තිබිලා මදිනේ ...!!!
මට නම් සුට් එකක් ..කුලියට ගතහැකි...
සපත්තු දෙකක් සුනිමල්ගෙන් වත් ඉල්ලා ගන්නවා ...!!!
"කොහොම කොහොම හරි ඇදුම් කැඩුම් හදාගෙන ...
අපි දෙන්නම ගියොත් නේද හොද.."
"තරු පහේ හෝටලේ කෑම වේලක් හරි ගණන් ඇති ...
අපි දෙන්නම ගියොත් හාර දාහක්වත් දෙන්න වෙයි ..."
සිතුමිණි කියන්නේ ...ලෝබකමකට නෙමේ...!!!
මොකෝ හාර දාහකට වේලක් කාලා...
සතියක් බඩගින්නේ ඉන්නැ...
අපිනම් බඩගින්නේ හිටියත් කමක් නැහැ ..
ඒත් පොඩි එකා කොහොමැයි ..
බඩගින්නේ තියන්නේ...!!!
දහඅටදාහේ ...උපාධි පඩියෙන්...
අපිට ජිවත් වෙන්න බැරි හින්දයි ...
මං නිර්මලාට අතිරේක පන්ති කළේ ..!!!
ඒත් ඉතින් ...
ඒ බැරිකම එයාලාට තේරෙන් නෑනේ ..!!!
No comments:
Post a Comment